විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම
===================================
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ නදීර ලක්මාල් මහතාගේ හා PALM Foundation ආයතනයේ සංවර්ධන වැඩසටහනේ කණ්ඩායම් නායක ඩබ්.එම්.එස් බණ්ඩාර මහතගේ ප්‍රධානත්වයෙන් හා හියුමනිටි ඉන්ක්ලුෂන් ජාත්‍යන්තර සංවිධානයේ (Humanity and Inclusion Sri Lanka) ව්‍යාපෘති නිලධාරි ප්‍රදීපා කරුණාරත්න මහත්මිය,නුවරඑළිය දිස්ත්‍රික් මුලස්ථාන සමජසේවා නිලධාරී ප්‍රියන්ත ද සිල්වා මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් 2024 ලෝක ආබාධිත දිනයට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා PALM Foundation අයාතනය එක්ව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම උදෙසා විශේෂ වැඩසටහන් කිහිපයක් 2025.01.16 දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
එහිදි විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා අවශ්‍යය උපකරණ ලබා දීම, උපදේශනය හා ජීවනෝපාය සංවර්ධනය පුහුණු වැඩසටහනක් පැවැත්වීම, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සවි බල ගැන්වීම උදෙසා රජයේ හා සමාජයේ වගකීම් පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදි. මෙම වැඩසටහනට සමගාමීව ඇස් කණ්නාඩි ලබා දීම හා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම වෙත යොමු කිරීම සඳහා අක්ෂි සායනයක්ද පවත්වන ලදි.
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100 දෙනෙකු ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීම
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතාගේ ඉල්ලීමකට අනුව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100 දෙනෙකු ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීම උදෙසා Global Communities ආයතනයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක SCORE ව්‍යාපෘතිය යටතේ කිතුල් නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, කෝපි කර්මාන්තය, මල් වගාව හා හස්ත නිර්මාණ යන ක්ෂේත්‍ර 5 සඳහා පැවති තාක්ෂණික පුහුණු වැඩසටහන සාර්ථකව නිම කරන ලදි.














