- පිහිටීම
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමෙහි පිහිටා ඇති කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය රමණීය කඳුවැටිවලින් හා මනස්කාන්ත දියඇළිවලින් ගහන සුන්දර භූමි භාගයකි. නුවරඑළිය දිස්ත්‍රික්කය ගත් කළ වයඹ දෙසට වන්නට ඇති එම කොට්ඨාසය ඓතිහාසික වශයෙන්ද වැදගත් ප්රදේශයකි.
- පරිපාලන කොට්ඨාස මායිම් මෙසේය.
- උතුරින් නාවලපිටිය ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසය
- දකුණින් නුවරඑළිය ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසය
- නැගෙනහිරින් වලපනේ හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
- බටහිරින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ස්වාභාවික මායිම් අනුව කොත්මලේ පිහිටීම මෙසේය
- උතුරින් මොණරාගල කන්ද හා මහවැලිගඟ
- දකුණින් කිකිළියාමාන කඳුවැටිය හා ග්රෙට්වෙස්ටන් කඳුවැටිය
- නැගෙනහිරින් පිදුරුතලාගල කඳු වැටිය
- බටහිරින් මහවැලි ගඟ
කොත්මලේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසය මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලා ඔයේ පහළ නිම්නයේ පිහිටා ඇත. මොණරාගල, කිකිළියාමාන, ග්රෙට්වෙස්ටර්න්, තිස්පනේ කන්ද යන කඳුවැටිවලින් වටවු භූමි භාගයක මෙම කොට්ඨාසය පිහිටා ඇත. මෙම කොට්ඨාසයේ විශාල ප්‍ර දේශයක් බෑවුම් සහිත ඉඩම්වලින් යුක්ත වන අතර අධික බෑවුම් සහිල විශාල භූමි ප්‍රමාණයක් ද දැකිය හැකිය.
උන්නතාංශය අනුව මෙම කොට්ඨාසය විවිධ උස මට්ටමවල පිහිටි ප්‍ර දේශවලින් සමන්විතය. වඩා උසින් පිහිටි ස්ථාන ලෙස කුඩාඔය, ලබුකැලේ, ප්රොටොෆ්, දොරගල, නව තිස්පනේ හා කිකිළියාමාන යන ප්‍රදේශ දැක්විය හැකිය. උස මට්ටම් අනුව පහතින් පිහිටි ප්‍ර දේශ ලෙස නියම්ගම්දොර, සංගිලිපාලම, මාවෙලකන්ද, නයාපාන, වටද්දර, නවංගම, හැඳුනුවැව, කළපිටිය, ගොරකඔය, පොල්වතුර, මඩකුඹුර හා හාල්පොළ යන ප්‍රදේශ දැකිවිය හැකිය.
දේශගුණික ලක්ෂණ
දේශගුණික කලාපය ලෙස මෙම කොට්ඨාසය කඳුකර තෙත් කලාපයට අයත් වේ. ප්‍රධාන වශයෙන්ම නිරිත දිග මෝසම් වර්ෂා පතන කලාපයට අයත් වේ. අන්තර් මෝසම් සුළඟින් ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබේ. මෙම කොට්ඨාසය සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 150 ක් වන මෙහි දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-25 ත් අතර පවති.
- සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 150
- සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 – 25
විශේෂ භූගෝලීය ලක්ෂණ
කොත්මලේ ඔය ආශ්‍රිතව ප්‍රධාන වශයෙන්ම ජලවහන රටාව සෑදි ඇත. කොත්මලා ඔයට ජලය සපයන පූඬළුඔය, පූනාඔය හා රම්බොඩ ඔය යන ප්‍රධාන ජලරටා ආශ්‍රිතව මෙම ජලවහන රටාව විහිදි පවති.
මෙම කොට්ඨාසයේ පවතින ප්‍රධාන දිය ඇළි අතර
- රම්බොඩ දිය ඇල්ල
- පූනාඔය
- ඩන්ෂින් ඇල්ල
- ගැරඬි ඇල්ල
මෙයට අමතරව කුඩා දිය ඇලි ගණනාවක් ප්‍රදේශය පුරා විහිදි ඇත.
භෞතික සම්පත්
මෙම ප්‍ර දේශයේ පිහිටි ප්‍රධානම භෞතික සම්පත කලු ගල්ය. මෙම සම්පත කොට්ඨාසයේ සෑම ප්‍ර දේශයකම විහිදි ඇත. මීට අමතරව ෆොස්පේට් නිධියක් උතුර මැදකුඹුර වත්තේ පිහිටා ඇත.
- මූළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 21190 කි (ව.කි. 219.7)
- ග්‍රාම නිලධාරි වසම් ගණන 96 කි
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින ආපදා තත්ත්වයන්
නිරන්තරයෙන් විවිධ ස්වාභාවික ආපදා තත්ත්වයන්ට මුහුණපාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන අතර මෙම කොට්ඨාසය තුළ
- නායයෑම්,
- ගල් පෙරළීම්,
- සුළි සුළං
- අකුණු ගැසීම්
- ගස් කඩා වැටීම්
- ගංවතුර
- සත්ත්ව හානි හා
- ගිනි ගැනීම් ආදි වු ආපදා තත්ත්වයන් දැක ගත හැකි වන අතර නියඟ හා
වසංගත තත්ත්වයන් අල්ප වශයෙන් හඳුනාගත හැකිය.
මෙම ආපදා තත්ත්වයන්වලට මුහුණ දෙන ග්‍රාම නිලධාරි වසම් ආශ්රිත සිතියම මේ සමඟ අමුණා ඇත.
ප්‍රාදේශීය ආපදා කමිටුව
ප්‍රාදේශීය ආපදා අනු කමිටුව හදසි ආපදා තත්ත්වයන් හේතුවෙන් විපතට පත් වන මහජනතාවට අවශ්‍ය සහන සේවා සැපයීම සඳහා මෙන්ම ආපදා ඇති විය හැකි ආපදා අවදානම් කලාප හඳුනාගෙන එම කලාප සුරක්ෂිත කිරීම හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘති දියත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලදි. එවැනි අවස්ථාවකදි ආපදා සහන සේවා ලබාදීමට ක්‍රියාත්මක වන ආකාරය ඇමුණුම අංක 2 අනුව සිඳු කෙරේ.
ඒ අනුව 2018 වර්ෂය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම සඳහා අවසන් කමිටු රැස්වීම 2018. 05.23 වන දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
- ප්‍රාදේශීය ආපදා කමිටුවේ සංයුතිය
- ප්‍රාදේශීය ලේකම්
- සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන් (සමාජ සේවා/ළමා හිමිකම් හා ළමා රක්ෂක/
- ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා සංවර්ධන නිලධාරීන්
- සියලු පරිපාලන ආයතන නියෝජනය කරමින් නිලධාරීන්
- වතු පරිපාලනය නියෝජනය කරමින් වතු අධිකාරිවරුන්
- රාජ්‍ය නොවන ආයතන
- ආරක්ෂක අංශ
- ත්‍රිවිධ හමුදාව
- අවශ්‍යතාවය පරිදි දේශපාලන අධිකාරිය සම්බන්ධ වේ
- ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති පියවර
මෙම කොට්ඨාසය තුළ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා මෙන්ම ආපදා අවම කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇත.
- සියලු ග්‍රාම නිලධාරි වසම් ආශ්‍රිතව ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවීම
- ප්‍රථමාධාර ලබා දීම පිළිබඳව ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු නිලධාරීන්ට පුහුණුවීම් ලබා දීම
- ආපදා සහිත ස්ථාන හඳුනාගෙන එවැනි ස්ථාන සිතියම් ගත කිරීම
- හදිසි ආපදා අවස්ථාවලදි භාවිතයට ගත හැකි ද්‍රව්‍ය හා උපකරණවලින් සමන්විත ආපදා සහන මැදිරියක් පවත්වාගෙන යාම
- අවශ්‍යතාවය පරිදි ආපදා කළමනාකරණය, ආපදා අවදානම් අවම කිරීම හා ආපදා පෙරසූදානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම
- ආපදා හේතුවෙන් විපතට පත්වු හා අධි අවදානම් කලාපවල පදිංචි යළි පදිංචි කිරීමට අවශ්‍ය පියවර ගැනීම
- ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ සහය ඇතිව ආපදා අවදානම් කලාප හඳුනා ගැනීම හා අවශ්‍ය දැනුවත් කිරීම සිදු කිරීම
- හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට හා ඔරොත්තු දීමට පුද්ගල පෞර්ෂය ගොඩනැඟිම හා පෙර සුදානම් කිරිම
- හදිසි ආපදා තත්ත්වයකදි අවශ්‍ය ආහාර හා අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට සුදුසු ස්ථාන හා සුරක්ෂිත මධ්‍යස්ථාන පූර්වයෙන්ම හඳුනාගැනීම.
- එම ස්ථාන පිළිබඳව ගම්වාසීන් හා අදාළ වසම්භාර නිලධාරීන් දැනුවත් කිරීම
ආපදා කළමනාකරණ අමාත්‍යංශය
| අනු අංකය | ආයතනය / නිලධාරියාගේ නම | තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය | |
| කාර්යාලීය | පුද්ගලික | ||||
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
|||||
| 1 | ආර්.ඒ නදීර ලක්මාල් මයා | ප්‍රාදේශීය ලේකම්, කොත්මලේ | 052 22 59 827 | 071- 8408733 | 052 22 59 827 |
| 2 | ඩී.එම් තිලංක දසනායක මයා | සහකාර ප්‍රාදේශීය ලේකම් | 052 22 59 827 | 071- 8654216 | |
| 3 | ජේ.පී.පී ආර් ජයසිරි මිය | ගණකාධිකාරි | 052 22 59 567 | 071- 5956484 | |
| 4 | ඩබ්.ඩී.එස්. එස් අමරසිංහ | නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) | 052 22 59 827 | 070 - 2821714 | |
| 5 | ඩි.ජි.ඒ.එස් බමුණුහේන්ද්‍ර මෙනවිය | පරිපාලන නිලධාරි | 052 22 59 827 | 071 4401089 | |
|
පරිපාලන කාර්යාල |
|||||
| 6 | කොත්මලේ ප්‍රාදේශිය සභාව | සභාපති | |||
| 7 | ප්‍රාදේශීය සභා උප කාර්යාලය - හරංගල | 054 22 40 357 | |||
| 8 | ප්‍රාදේශීය සභා උප කාර්යාලය - හෙල්බොඩ | 052 22 59 575 | |||
| 9 | ප්‍රාදේශීය සභා උප කාර්යාලය - මොරපේ | 052 22 59 851 | |||
| 10 | ආර්. ජි. හීන්බණ්ඩා මයා | ප්‍රාදේශීය ලේකම් උප කාර්යාලය - තිස්පනේ | 072 97 07 160 | ||
| 11 | නුවරඑළිය මහ නගර සභාව | නගරාධිපති | 052 22 22 276 | ||
| 12 | 052 22 22 275 | 052 22 22 276 | |||
| 13 | ගම්පොළ නගර සභාව | නගරාධිපති | 081 23 52 275 | 081 23 52 203 | |
| 14 | නාවලපිටිය නගර සභාව | නගරාධිපති | 054 22 22 375 | ||
| 15 | තලවාකැලේ - ලිදුල නගර සභාව | නගරාධිපති | 052 22 58 275 | 052 22 58 275 | |
| 16 | නුවරඑළිය නගර සභාව | නාගරික කොමසාරිස් | 077 31 79 135 | 052 22 22 274 | |
| 17 | නාගරික සංවර්ධන අධිකාරිය | 052 22 23 664 | |||
|
ආරක්ෂක අංශය - පොලිස් ස්ථාන |
|||||
| 18 | කොත්මලේ පොලීසිය | ස්ථානාධිපති | 052 22 59 877 | 071 21 28 020 | |
| 19 | පුස්සැල්ලෑව පොලීසිය | ස්ථානාධිපති | 081 24 78 222 | 074 83 02 465 / 077 05 80 104 | |
| 20 | පූඬළුඔය පොලීසිය | ස්ථානාධිපති | 051 22 33 222 | 071 859 10 98 | |
| 21 | දිඹුලපතන පොලීසිය | ස්ථානාධිපති | 051 22 44 222 | 071 85 91 074 | |
| 22 | නාවලපිටිය පොලීසිය | ස්ථානාධිපති | 054 22 22 222 | 077 35 13 406 | |
| 23 | නුවරඑළිය පොලීසිය | ස්ථානාධිපති | 052 22 22 222 | ||
| 24 | ගම්පොළ පොලීසිය | ස්ථානාධිපති | 081 23 52 222 | ||
| 25 | මහනුවර පොලීසිය | ස්ථානාධිපති | 081 22 22 222 | ||
|
ආරක්ෂක අංශය - හමුදා කඳවුරු |
|||||
| 26 | නුවරඑළිය හමුදා කඳවුර | අණ දෙන නිලධාරි (මේජර්. එන්. ටී. අතපත්තු) | 052 22 22 561 | 071 28 40 130 | |
| 27 | ගම්පොළ හමුදා කඳවුර | අණ දෙන නිලධාරි (මේජර් වීරවර්ධන) | 081 38 45 501 | 076 53 03 553 | |
| 28 | ලක්ෂපාන හමුදා කඳවුර | අණ දෙන නිලධාරි | 052 22 32 092 | ||
|
රෝහල් හා සෞඛ්‍ය අංශය |
|||||
| 29 | ආයුර්වේද රෝහල - නව නගරය | වෛද්‍ය අධිකාරි | 052 35 22 556 | ||
| 30 | දිසා රෝහල - මල්දෙණිය | දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි | 051 22 33 262 | ||
| 31 | දිසා රෝහල - කොත්මලේ | දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි | 052 22 59 561 | ||
| 32 | මූලික රෝහල - නාවලපිටිය | 054 22 22 261 | |||
| 33 | මූලික රෝහල - ගම්පොළ | ||||
| 34 | ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය | ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ | 052 22 59 627 | 077 77 01 590 | |
| 35 | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය - කොත්මලේ | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි | |||
| 36 | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය - තිස්පනේ | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි | |||
| 37 | පශු වෛද්‍ය නිලධාරි කාර්යාලය -කොත්මලේ | පශු වෛද්‍ය නිලධාරි | 052 22 59 541 | ||
| 38 | පශු වෛද්‍ය නිලධාරි කාර්යාලය - පූඬළුඔය | පශු වෛද්‍ය නිලධාරි | 051 22 33 312 | ||
|
ආපදා කළමනාකරණ අමාත්‍යංශය |
|||||
| 39 | ආපදා කළමනාකරණ අමාත්‍යංශය (ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය) | සහකාර අධ්යක්ෂ (කොළඹ) | 011 266 57 02 | 071 80 22 257 | 011 266 57 02 |
| 40 | රංජිත් මයා (පිසු ආහාර/ වියළි සලාක) | 011 266 57 02 | 071 44 18 489 | ||
| 41 | තුසිතා මිය ( නිවාස හානි) | 011 266 57 02 | 071 03 30 260 | ||
|
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
|||||
| 42 | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | දිස්ත්‍රික් ලේකම් | 052 22 22 234 | 052 22 22 234 | |
| 43 | අතිරේක දිස්ත්‍රික් ලේකම් | 052 22 22 232 | 052 22 22 610 | ||
| 44 | අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) | 052 22 22 610 | |||
| 45 | සහකාර දිස්ත්‍රික් ලේකම් | 052 22 22 648 | 052 22 22 610 | ||
| 46 | සහකාර අධ්යක්ෂ (සැලසුම්) | 052 22 22 464 | 052 22 22 522 | ||
| 47 | සහකාර කොමසාරිස් - දිවි නැගුම | 052 22 35 144 | 052 22 34 750 | ||
| 48 | ඉංජිනේරු | 052 35 24 288 | |||
| 49 | ප්‍රධාන ගණකාධිකාරි | 052 22 22 234 | 052 22 22 234 | ||
| 50 | පරිපාලන නිලධාරි | 052 22 22 266 | |||
| 51 | ආපදා සහනසේවා සම්බන්ධිකාරක - නුවරඑළිය | ආපදා සහන සේවා නිලධාරි | 052 22 22 610 | 071 44 64 785 | 052 22 22 610 |
| 52 | ආපදා කළමනාකරණ ඒකකය - නුවරඑළිය | සහකාර අධ්යක්ෂ | 052 22 22 113 | 077 39 57 879 | 052 22 22 610 |
|
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආපදා අවදානම් කලාප ලෙස හඳුනා ගත් ස්ථාන |
|||||
|
අනු අංකය |
වසමේ නම |
අවදානම් කලාපය (නම) |
සිදුවිය හැකි ආපදාව |
අවධානම් කලාපයේ සිට සුරක්ෂිත ස්ථානයකට ඇති දුර හා එම ස්ථානයේ නම |
වෙනත් කරැණු |
|
1 |
රුවන්පුර |
රුවන්පුර ගම් කොටස |
නායයෑම |
කි.මි. 0.5 ක් පමණ |
|
|
2 |
කැටඹුලාව |
කැටඹුලාව පහළ ජනපදය |
ගල් පෙරළීමකට ඉඩ තිබීම |
කැටඹුලාව අංක 02, දෙමළ විදුහල - කි.මි. 1 ක් පමණ |
|
|
3 |
රොජසන්ගම දකුණ |
කුරිටියගොඩ ගම් කොටස |
ගල් පෙරළීම |
වැටගේපොත ගම - මීටර 200 |
|
|
4 |
ක්වීන්ස්බේරිය |
ක්වීන්ස්බේරිය වත්ත පහළ කොටසේ 2 B හා 4 යන පේළි නිවාස අයත් ප්‍රදේශය |
කොරවක්කා ඔයේ ඇළවල් 2ක් පිටාර |
මීටර 400 |
|
|
5 |
කොළපතන |
කොළපතන වත්ත - ග්රීන්ගංඔය පේළි නිවාස අංක 17 හා ප්‍රධාන මාර්ගයේ ඉවුර නායයෑමට ලක්වීම |
නායයෑම |
1 කි. මි |
|
|
6 |
සංගිලිපාලම |
රම්බොඩ වසම හා යාබද නව නගරය කොටස |
නායයෑම |
4 කි. මි. - කරගස්තලාව විහාරස්ථානය |
|
|
7 |
කටුකිතුල |
කටුකිතුල කඩ වීදීය |
නායයෑම |
1 කි. මි. - කටුකිතුල පන්සල |
|
|
8 |
ෂීන් වත්ත |
පූඬළුඔය පහළ කොටස ලයින් අංක 2 හා 4 |
නායයෑම |
4 කි. මි. - ෂීන් පාසල |
|
|
9 |
ඩන්සිනන් |
ඩන්සිනන් ෆැක්ටරි ඩිවිෂන් |
නායයෑම |
1 කි. මි. |
|
|
10 |
ඩන්සිනන් මැද කොටස |
1/2 කි. මි |
|||
|
11 |
ඩන්සිනන් උඩ කොටස |
1/2 කි. මි |
|||
|
12 |
රම්බොඩගම |
නව ජනාවාසය |
ගල් පෙරළීම |
රම්බොඩගම විහාරය |
|
|
13 |
රම්බොඩගම පාසල |
||||
|
14 |
ගොඹුරුඔය |
වහාරේ ඇල්ල ගම |
නායයෑම |
100 මි. |
වර්ෂාව සමඟ සුළු නායයෑම් ඇති වේ |
|
15 |
ගොඹුරුඔය ගම |
මාර්ගයට ගල්පෙරළීම |
200 මී. |
||
|
16 |
වීරසේකරපුර |
වීරසේකරපුර ඉහළ කොටස |
ගල් පෙරළීම (රොජසන්ගම දකුණ කුරටියගොඩ ගම ගල් පෙරළීම) |
මීටර 600 - රොජසන්ගම මහා විදුහල |
|
|
17 |
ෂීන් ගම |
ෂීන් ඇළ ආශ්රිත ප්‍ර දේශය |
නායයෑම |
1 කි. මී. ප්‍රජාශාලාව |
|
|
18 |
බෝගහවෙල |
බොලදු ඇළට දකුණු පසින් ඇති අධික බෑවුම් සහිත කොටස |
නායයෑම |
1 කි. මි. |
අධික වර්ෂාවක් ඇති වීමත් සමඟ නායයෑම සක්‍රීය විය හැක. |
|
19 |
කඩදොර |
ලියන්වෙල |
නායයෑම |
1/2 කි. මි |
|
|
20 |
කොටගේපිටිය දකුණ |
මායිප්ල ගම |
නායයෑම |
කොටගේපිටිය ප්‍රථමික විද්‍යාලය |
|
|
21 |
මාවෙල බටහිර |
කෝටිටේගොඩ ගම හා පහළින් ඇති ප්‍රදේශය |
ගල් පෙරළිම හා නායයෑම |
||
|
22 |
ලබුකැලේ |
ලබුකැලේ ඉහළ, මැද හා පහළ කොටස් |
නායයෑම |
1/2 කි. මි. - කෝවිල (ඉහළ කොටස) |
|
|
23 |
මල්හෑව |
අඹහෙලගම ගල් පෙරළීමේ අවදානම |
ගල් පෙරළීම |
මල්හෑව විහාරස්ථානය කි. මි. 1 |
දැනට මෙම ගල් පෙරළීමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියක් නිමකර ඇත. |
|
24 |
රම්බොඩ |
වැවන්ඩන්වත්ත ගල් පෙරළිමේ අවදානම |
ගල් පෙරළිම |
1 කි. මි. වැවන්ඩන් වත්ත දෙමළ විද්‍යාලය |
|
|
25 |
වැවන්ඩන්වත්ත ගැරඬි ඇල්ල නායයෑමේ අවදානම |
නායයෑම |
1 කි. මි. ඕතලාව බෝධිරුක්ඛාරාමය |
මෙම ස්ථානය සංගිලිපාලම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත |
|
|
26 |
ගොඩමඩිත්ත |
ගොඩමඩිත්ත පහළ කොටස |
නායයෑම |
මීටර 700 |
|
|
27 |
රාවණාගොඩ බටහිර |
ග්‍රා. නි. වසමේ ස්ථාන රාශියක් පුරා ඉරි තැලිම් ඇති වි තිබේ. |
නායයෑම |
බෙරමාණ විදුහල - කි. මි. 6 |
|
|
28 |
විජයබාහු කන්ද |
මාපිටිගම |
සුළි සුළං හා නායයෑම් |
බෙරමාණ විදුහල - කි. මි.4 |
|
|
29 |
මල්ලන්ද |
පහළ ඩොන්සයිඩ් හි ඉ. ප්‍ර. බලමණ්ඩලයේ අනවසර ඉඩම් |
නායයෑම |
මීටර 300 |
|
|
30 |
වටද්දර |
පොල්වතුර ගමට යන මාර්ග කොටස |
නායයෑම |
කි.මි. 1ක් පමණ |
|
|
31 |
වටද්දරට පිවිසෙන දෝවිට පාලම මාර්ග කොටස |
නායයෑම |
කි.මි. 1ක් පමණ |
||
|
32 |
පොදුවේ වටද්දර ග්‍රා.නි. වසමෙහි බොහෝ ප්‍රදේශ නායයෑමේ අවදානමට ලක් ව ඇත. |
||||
|
33 |
තෙලිස්සාගල |
ප්‍රධාන මාර්ගයේ වතුර මල අසල (කැටඹුලාව - තිස්පනේ) |
ගල් පොත්ත මත ඇති මාර්ගය නායයෑම |
තෙලිස්සාගල ආනන්ද දසනායක මහ විදුහල - කි. මි. 0.25 ක් පමණ |
|
|
34 |
මඩකුඹුර |
ග්‍රේට් වෙස්ටන් කන්ද |
ගල් ගැලවීම හා නාය යෑම |
කී. මි. 1 |
|
|
35 |
හාල්පොළ |
ගල්වැලි තොට |
ගං වතුර |
මීටර 500 |
|
|
36 |
වැවහින්න |
ඩී. ඩබ්. විරසේකර යන අයගේ නිවස අවට කලාපය |
නායයෑමට හෝ ගල් පෙරලීමට ඉඩ ඇත |
මීටර් 10ක් පමණ |
|
ග්‍රාම නිලධාරීන් විසින් හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් සනාථ කරන ලද ස්ථාන මෙහි සඳහන් කොට ඇත.













