විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම
===================================
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ නදීර ලක්මාල් මහතාගේ හා PALM Foundation ආයතනයේ සංවර්ධන වැඩසටහනේ කණ්ඩායම් නායක ඩබ්.එම්.එස් බණ්ඩාර මහතගේ ප්‍රධානත්වයෙන් හා හියුමනිටි ඉන්ක්ලුෂන් ජාත්‍යන්තර සංවිධානයේ (Humanity and Inclusion Sri Lanka) ව්‍යාපෘති නිලධාරි ප්‍රදීපා කරුණාරත්න මහත්මිය,නුවරඑළිය දිස්ත්‍රික් මුලස්ථාන සමජසේවා නිලධාරී ප්‍රියන්ත ද සිල්වා මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් 2024 ලෝක ආබාධිත දිනයට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා PALM Foundation අයාතනය එක්ව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම උදෙසා විශේෂ වැඩසටහන් කිහිපයක් 2025.01.16 දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
එහිදි විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා අවශ්‍යය උපකරණ ලබා දීම, උපදේශනය හා ජීවනෝපාය සංවර්ධනය පුහුණු වැඩසටහනක් පැවැත්වීම, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සවි බල ගැන්වීම උදෙසා රජයේ හා සමාජයේ වගකීම් පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදි. මෙම වැඩසටහනට සමගාමීව ඇස් කණ්නාඩි ලබා දීම හා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම වෙත යොමු කිරීම සඳහා අක්ෂි සායනයක්ද පවත්වන ලදි.
තරුණ ව්‍යවසාය නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය - 2024
========================================
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් USAID/SCORE දායකත්වයෙන් හා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන / සංවිධාන වල සහය ඇතිව ක්‍රියාත්මක සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා තරුණ තරුණයින් දිරිමත් කිරීමේ වැඩසටහන යටතේ සංවිධානය කෙරෙනු තරුණ ව්‍යවසාය නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ ව්‍යවසායකයින්, සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ, විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ සහභාගිත්වයෙන් 2024.06.12 දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදි.
ඒ සඳහා සහය දැක්වූ සැමට ස්තූති.
|
Hotline - 0522259827 Fax - 0522259038 G-Mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මෙම සබැඳිය පුරවන්න இந்த லிங்க்கை பூர்த்தி செய்யவும் Fill this link https://forms.gle/SxiGdph4uqx3mZC8A














