this page is under constructions

images

 

කොත්මලේ යනු වන ගහනයෙන් පිරි කඳු හෙල් මිටියාවත් නිම්න ඇළ - දොළ දිය සීරාවේ පහස ලබන සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණයකි. එක් පසෙකින් ගැරඩියෙකු සේ ගලා බසින ගැරඬි ඇල්ලේද තවත් පසෙකින් පූනාඔය දිය ඇල්ලේද කඩා හැලෙන රම්බොඩ දිය ඇල්ලේ ද දිය දහරා එක් වෙමින් කොත්මලේ ජලාශයේ සිරියෙන් ශෝභමාන වන පුරවරයකි. එමෙන්ම ගිරි දුර්ග , වන දුර්ගවලින් ගහන මේ ප්‍රදේශය පාරම්පරික ජනතාවගේ සතුට , සොම්නස, දුක, දොම්නස ඔවුන්ගේ ජීවිත වල නොපෙනෙන අඳුරු පැත්තේ සංකීර්ණතාවය හා සරල බව මුසුවූ අපූරු ජීවන රටාවක උරුමකම් කියන අපේ ලාංකික උරුමයේ පැතිකඩකි.

 

බැලූ බැලූ තන්හි සොදුරු දසුන් නෙතට ගැටෙන කොත්මලේ පුරවරය මුහුදු මටිටමින් අඩි 3000 ත් 5200 ත් අතර උස මට්ටමක පිහිටා තිබේ. මහනුවර හා හැටන් සානු දෙකට සම්බන්ධ වී ඇති මේ ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්ව අන්තරය සෙල්සියස් අංශක 20 ත් 25 ත් අතර වේ.

 

උතුරින් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද දකුණින් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද නැගෙනහිරින් වලපනේ හා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද බටහිරින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද වට වූ පරිපාලන භූමි ප්‍රදේශය කොත්මලේ වේ.

 

කොත්මලේ නම සෑදුණු ආකාරය..............images

 

සමවන් රටකි වටට ම කඳුවැටිය           වුණා

දිලි රන් කොතක් ඒ රටට ම පහළ        වුණා

ගුණයෙන් උතුම් සැම පලවැල එහි      සැදුණා

නැණයෙන් බලනු කොත්මල ය යි නම සැදුණා

 

 

කෙත්යායේ හටගත් වළ හේතුවෙන් කෙත් වළ පසුව කොත් වළ - කොත් මල - කොත්මලේ වූයා යැයි ජනප්‍රවාදයේ සදහන් වේ.

 

ද්‍රවිඩ භාෂාවෙන් කැඩී පැවත එන වචනයක් වශයෙන් ‘මලය’ යන වචන පෙන්වා දිය හැකිය.දවිඩ බසින් මෙහි අර්ථය කඳුකර නැත්නම් කඳුරට යන්නයි. එසේම කොත් වැනි වූ උස් කඳු ප්‍රදේශ මෙහි ඇති හෙයින් කොතක් වැනි වූ මලය ‘කොත්මලය‘ ලෙස ප්‍රචලිත වී යැයි සමහරකුගේ මතයයි.

 


සේවය කළ ප්‍රාදේශීය ලේකම් වරුන්

application form  

         
         
         
         
         
         
         
         
         
         

 

 

 

 

News & Events

20
පෙබ2025
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම ===================================...

26
මාර්2024
Score Project

Score Project

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100...

Scroll To Top